දියණියගේ සැමියාගේ කැති පහරින් නැන්දම්මා ජීවිතක්ෂයට (ඡායාරූප)

වවුනියාව, පෙරියඋලුක්කුලම ප්‍රදේශයේ දී ඊයේ (02) සිය බෑණා විසින් එල්ල කළ කැති පහරකින් බරපතල කැපුම් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය දියණිය සහ ඇයගේ සැමියා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට යාමේදී බෑණා විසින් නැන්දම්මාට මෙලෙස කත්තකින් පහර දී ඇති බවයි උලුක්කුලම පොලිසිය පැවසුවේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සැමියාගේ පහරදීමකින් තුවාල ලැබූ
37 හැවිරිදි බිරිඳ ද වවුනියාව රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

බෑණාගේ අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඩී.පී.අමරාවතී නමැති 60 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් උලුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03