AFC Banner
Empty Ad
Empty Ad

දින 12කදී කොවිඩ් ආසාදිතයින් දස දහසක්

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා, එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

ගතවූ දින 12 තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,815ක්.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව යළිත් තහවුරු කරමින් ඊයේ දිනයේ ද කොවිඩ් ආසාදිතයන් 1056 දෙනෙකු හඳුනාගැනුණි.

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අවසන්වරට දහස ඉක්මවා තිබුණේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස 26 වනදායි.

මෙවැනි දැඩි ව්‍යාප්තියක් යළි දක්නට ලැබෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය මෙරටින් හඳුනාගැනීමත් සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?