දින 10ක් ඇතුළත ‘අලි පොත’ අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් ‘අලි පොත’ අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විනිසුරුවරු මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.

එම පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේයි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා ‘අලි පොත’ පරීක්ෂා කිරීම අවශ්‍ය බවට නිගමනය කරනු ලැබුවා.

ඒ අනුව අද (02) සිට දින 10 ක් ඇතුළත ‘අලි පොත’ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24