AFC Banner
Empty Ad
Empty Ad

දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණයාගේ සිරුර ළිඳකින් හමුවෙයි

මීට දෙදිනකට (06) ඉහත දී අතුරුදන් වූ බවට සැලකෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (08) පස්වරුවේ අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුව ඇත්තේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ තිබූ ගෙවත්තක පිහිටි ළිඳකින්.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මරණකරු පෙරේදා දිනයේ දී අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

ඉන් අනතුරුව විමර්ශනය ඇරඹූ ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයට අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි පිටිගල – වැයිහේන පදිංචි අවිවාහක තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

මරණයට මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇල්පිටිය මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?