AFC Banner
AFC Banner
Empty Ad

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි කතගේ මළ සිරුර කාසල්රි ජලාශයේ (ඡායාරූප)

නිවසින් අතුරුදහන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (17) පෙරවරුවේ කාසල්රි ජලාශයේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 82ක නොර්වුඩ් – වෙන්චර් වත්තේ පදිංචිව සිටි කාන්තාවකගේ මළ සිරුරක්.

මෙම කාන්තාව පසුගිය 10 වනදා සිට නිවසින් අතුරුදන්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇයගේ පුත්‍රයෙක් විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

ජලාශයේ පාවෙමින් තිබූ කාන්තාවගේ මළ සිරුර නොර්වුඩ් හදිසි මරණ පරීක්ෂක නඩරාජා රවිකුමාර් ඉදිරියේ පොලිසිය විසින් ගොඩගත් අතර, පසුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

නොර්වුඩ් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?