දින කිහිපයක සිට අතුරුදන්ව සිටි දෙදරු පියාගේ සිරුර කැලයකින් සොයාගෙන (ඡායාරූප)

මීට දින පහකට පමණ පෙර නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් සිටිය දී අද (25) සොයාගෙන තිබෙනවා.

වීදියගොඩ, මාරගස් හන්දිය, ටැමරන්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ ගෝනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි කංචන කමල් කරුණාරත්න නැමැති 36 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා පසුගිය ඉරිදා දින කුඹුක ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මව්පියන් පදිංචි නිවසට ගොස් පොළට යන බව පවසා දහවල් 12.30 ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

නිවසින් පිට වූ පසු පියා විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදීම පුරුද්දක් ලෙස සිදුකර ගෙන තිබූ අතර, එදින සවස 4.00 පමණ දක්වා දුරකථන ඇමතුම් කිහිපයක් ගත්ත ද ඊට ප්‍රතිචාර නොදැක් වූ බවත් හවස හතරෙන් පසු දුරකථනය නාද නොවූ බවත් පියා පවසා තිබෙනවා.

සිය පුතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් අද (25) දින පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට සූදානම් වෙමින් සිටි බවයි පියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ගවයින්ට තණ කැවීම සඳහා කැලෑ ප්‍රදේශයට ගොස් සිටි එම ප්‍රදේශයේ පුද්ගලයකුට දුඟදක් දැනි අවට පරීක්ෂා කරන අවස්ථාවේ දී අදාළ මළ සිරුර දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේ දී එම සිරුර අධික ලෙස නරක වී තිබී ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මොරගහහේන පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?