දිනේෂ් ෂාෆ්ටර්ගේ රක්ෂණ වන්දි ගෙවීම සතියකට අත්හිටුවයි

අබිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ෆෙයා ෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගම්වල බලධාරීන්ටයි අධිකරණය මෙම නියෝගය සිදු කර ඇත්තේ.

ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරු වී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට එම රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදුවූ අබිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබුණා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුවයි මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක් ද පත් කරනු ලැබුවේ.

ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගියදා අධිකරණයට දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය පසුගිය 4 වනදා ජාවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29