දික්වැල්ලට අද සිට යළිත් ක්‍රිකට් වසන්තය ඇරඹෙයි

තහනම් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා ඔප්පු වීම මත ක්‍රිකට් තහනමකට ලක් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකු මෙන් ම පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ලට ලබා දුන් දඬුවම ලිහිල් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ තීරණය ඊයේ (10) දිනයේ දී නිල වශයෙන් ගනු ලැබ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියක දී දික්වැල්ල ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් ක්‍රීඩා කර ඇති බවටයි ඔහුගේ වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූයේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිරෝෂන් දික්වැල්ලට වසර 03ක සෑම අතින්ම ක්‍රිකට්වලට පිවිසීම තහනම් කරනු ලැබුවා.

එම තහනම මාස 03ක් දක්වා අඩු කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබෙන බව සඳහන්.

2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?