දික්වැල්ලගේ සීයේ ඩාන්ස් එක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට මහනුවර කණ්ඩායම (16) සමත්වුණා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර ලකුණු 233 ක සබදතාවයක් ගොඩ නැගීම විශේෂත්වයක්.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ගාලු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් පමණක් බිඳ වැටී රැස් කළ ලකුණු සංඛ්‍යාව 343 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 104 කදී ලකුණු 135 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් ලහිරු උදාර ලකුණු 106(116) ක් රැස්කළා.

නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 58(41) යි. පුලින තරංග ලකුණු 13(12)ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

සෙසු පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක් වෙද්දි අනර්ඝ පන්දු යැවීමක නිරත වූ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක චලන ද සිල්වා සිය පන්දුවාර 10 තුළ ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ප්‍රියමාල් පෙරේරා, ධනංජය ලක්ෂාන් සහ අකිල ධනංජය අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම තරගයේදී ශතකය වාර්තා කිරීමෙන් පසුව නර්ථනයක් සිදු කරමින් එය සැමරීමට දික්වැල්ල කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

https://twitter.com/i/status/1493894183815626753
image 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08