Empty Ad
AFC Banner
Empty Ad

දික්වැල්ලගේ සීයේ ඩාන්ස් එක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට මහනුවර කණ්ඩායම (16) සමත්වුණා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර ලකුණු 233 ක සබදතාවයක් ගොඩ නැගීම විශේෂත්වයක්.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ගාලු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් පමණක් බිඳ වැටී රැස් කළ ලකුණු සංඛ්‍යාව 343 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 104 කදී ලකුණු 135 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් ලහිරු උදාර ලකුණු 106(116) ක් රැස්කළා.

නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 58(41) යි. පුලින තරංග ලකුණු 13(12)ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

සෙසු පන්දු යවන්නන් ප්‍රහාරයකට ලක් වෙද්දි අනර්ඝ පන්දු යැවීමක නිරත වූ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක චලන ද සිල්වා සිය පන්දුවාර 10 තුළ ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ප්‍රියමාල් පෙරේරා, ධනංජය ලක්ෂාන් සහ අකිල ධනංජය අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම තරගයේදී ශතකය වාර්තා කිරීමෙන් පසුව නර්ථනයක් සිදු කරමින් එය සැමරීමට දික්වැල්ල කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

https://twitter.com/i/status/1493894183815626753
image 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?