දික්කසාද නඩුව ඉක්මනින් අවසන් කිරීමට ලක්ෂ දෙකක අල්ලස් ඉල්ලූ විනිසුරුවරයෙක් 29 තෙක් සිරගෙට

රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මෙම සැකකරු, බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය අද (24) නිකුත් කළ බවයි.

දික්කසාද නඩුවක තීන්දුව කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා එය ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය 21 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තා.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?