AFC Banner
Empty Ad
Empty Ad

දැරියක් කෙලෙසූ පාපතරයෙක් වසර 10 කට පසු අල්ලයි

වසර 10ක් අධිකරණය මගහරිමින් සැඟව සිටි වරෙන්තුකරුවෙකු මාවනැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුවියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටිමින් ඔහු අධිකරණය මගහරිමින් සිටියා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නෝටන්බි්‍රජ්, ටෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිැරිදි පුද්ගලයෙක්.

ඔහු පදිංචිව සිටි වත්තේ 11 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බි්‍රජ් පොලිසිය මගින් එවකට සැකකරු අත්අඩංගුවට ගැනිමට සුදානම්ව සිටියා.

නමුත් එම අවස්තාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟව සිට විවිධ රැකියාවල නිරත වී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ වෙස් වලාගෙන කඩල විකුණමින් සිටින බවට නෝටන්බි්‍රජ් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට සහ නෝටන්බ්‍රිඡ් පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරින්ට තොරතුරක් ලැබී තිබුණා.

අනතුරුව යුක්තිය මෙහෙයුමට සමගාමීව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ උපදෙස් පරිදි මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?