දැන් රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල (වීඩියෝ)

වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඇමරිකානු රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අවාසනාවකට මේ වනවිට රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට අනුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ; අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට අද (25) පෙරවරුවේ මහනුවරට පැමිණ අවස්ථාවේදියි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා,

“මේ රට අනාගාමික රටක් කරන බවට වත්මන් ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මහනාහිමිවරු බැහැදක උන්වහන්සේ දැනුවත් කිරීමට සඳහා අපි ආවා. ඉංග්‍රීසි ජාතිකයන් රට පාලනය කරන කාලෙවත් මේ රට අනාගාමික රටක් වශයෙන් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වගේම ඉතාමත් භයානක ආකාරයෙන් ඇමරිකාවට ඕන විදියට රජයේ කටයුතු සිදුවෙමින් පවතිනවා. මේ රජයේ පත් කිරීම සඳහා ඇමරිකාව විශාල කාර්යභාරයක් කළා. අවාසනාවකට වගේ මේ රටේ රජයේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ ඕනා එපාකම්වලට අනුවයි. ඇමරිකාව එක්ක තිබ්බ සම්බන්ධතා ජනතාව දැනගනියි කියලා ජනාධිපතිතුමා දැන් තමාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පරණ පෝස්ට් මකනවා කියලා අපිට ආරංචියි. නමුත් පත්වෙලා මාසයක් යන්න පෙර ජනතා අප්‍රසාදයට පත්වූ එකම රජය මේක තමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
22
+1
0
+1
0
+1
1
+1
11
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58