දැන් රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල (වීඩියෝ)

වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා ඇමරිකානු රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අවාසනාවකට මේ වනවිට රට පාලනය වෙන්නේ ඇමරිකාවේ වුවමනාවට අනුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ; අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැකීමට අද (25) පෙරවරුවේ මහනුවරට පැමිණ අවස්ථාවේදියි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා,

“මේ රට අනාගාමික රටක් කරන බවට වත්මන් ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මහනාහිමිවරු බැහැදක උන්වහන්සේ දැනුවත් කිරීමට සඳහා අපි ආවා. ඉංග්‍රීසි ජාතිකයන් රට පාලනය කරන කාලෙවත් මේ රට අනාගාමික රටක් වශයෙන් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වගේම ඉතාමත් භයානක ආකාරයෙන් ඇමරිකාවට ඕන විදියට රජයේ කටයුතු සිදුවෙමින් පවතිනවා. මේ රජයේ පත් කිරීම සඳහා ඇමරිකාව විශාල කාර්යභාරයක් කළා. අවාසනාවකට වගේ මේ රටේ රජයේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ ඇමරිකාවේ ඕනා එපාකම්වලට අනුවයි. ඇමරිකාව එක්ක තිබ්බ සම්බන්ධතා ජනතාව දැනගනියි කියලා ජනාධිපතිතුමා දැන් තමාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පරණ පෝස්ට් මකනවා කියලා අපිට ආරංචියි. නමුත් පත්වෙලා මාසයක් යන්න පෙර ජනතා අප්‍රසාදයට පත්වූ එකම රජය මේක තමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
22
+1
0
+1
0
+1
1
+1
11
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?