දැදුරු ඔයේ දිය නාමින් සිටි සිව්දෙනෙක් අතුරුදහන් (වීඩියෝ)

දැදුරු ඔයේ දිය නාමින් සිටි තරුණයන් 04 දෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (05) හලාවත පොලිස් වසමේ දැදුරු ඔය පාලම යට දිය නාමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු පමණ පිරිසකගෙන් 04 දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන් ඇති බවයි.

මෙම පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?