දැඩි අර්බුදයක් ඇත්නම් විභාගය යළිත් පවත්වන්න කිසිම මැලිකමක් නෑ – විභාග කොමසාරිස් (වීඩියෝ)

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට අනාවරණය වූ පළමු පත්‍රයේ ප්‍රශ්න 03ටම නිදහස් ලකුණු ලබාදීමේ තීරණය මේ මොහොතේ දරුවන් වෙනුවෙන් ගත හැකි උපරිම සාධාරණ තීන්දුව බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවක දී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ; මේ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාවක් ලේකම්වරිය විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත පිරිනමා ඇති බවයි.

නමුත් මෙම සිදුවීමෙන් දරුවන්ට විශාල අගතියක් සිදු වන්නේ නම් පමණක් යළි විභාගය පැවැත්වීමට කිසිදු මැලිකමක් නොදක්වන බවත්; එවන් බරපතළ ගණයේ තීන්දු මීට පෙර අවස්ථාවල දී ද ගෙන ඇති බවත්; එහෙත් සිදු කරන ලද විමර්ශන අනුව සහ විශේෂඥ කමිටුවේ තීන්දු මත නැවත විභාගයක් පවත්වා දරුවන් පීඩාවට පත් කිරීමට අවශ්‍ය නොවන බැවින්; පිළිතුරු සැපයූ හා නොසැපයූ සියලු දරුවන් හට අදාළ අර්බුදකාරී ප්‍රශ්න ත්‍රිත්වය වෙනුවෙන් නිදහස් පූර්ණ ලකුණු පිරිනැමීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඉතා කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹා සාධාරණ අයුරින් මෙම ගැටලුව නිරාකරණය කරන බවට ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දුන්නා.

මේ අතර මතභේදයට තුඩු දී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් විමර්ශන කටයුතු සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?