AFC Banner
AFC Banner
Empty Ad

දාස් අවසන් එක්දින තරගයෙන් ඉව‍තට

ශ්‍රී ලංකාව සමඟ ලබන සඳුදා පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරඟයෙන් ආරම්භ පිතිකරු ලිටන් කුමාර් දාස් ඉවත්කර තිබෙනවා.

ඔහු වෙනුවට කඩුලු රකින පිතිකරු ජේකර් අලි බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් කළමනාකාරීත්වයේ උපදෙස් මත ලිටන් දාස් සංචිතයෙන් නිදහස්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් පළමු එක්දින තරග දෙකේදීම ලකුණු ලබා ගන්නට පෙර ලිටන් දාස්ව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංකට හැකියාව ලැබුණා.

මේ අතර බංග්ලාදේශ තේරීම් කමිටුවේ සභාපති ගාසි අෂ්රෆ් හොසේන් සඳහන් කළේ කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජයගෙන තරගාවලිය සම තත්ත්වයේ පසුවීම මත ජේකර් අලිගේ එක්වීම මැද පෙළට වැඩි විකල්ප සහ නම්‍යශීලී බවක් කණ්ඩායමට ලබාදෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
22
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?