දළදා ප්‍රදර්ශනය සඳහා වන පෙර සූදානම ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට

ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දී හෙට (18) සිට 27 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය මූලික කටයුතුවල සූදානම පරීක්‍ෂා කිරීමට ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඊයේ (16) මහනුවර වෙත පැමිණියා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වන දින ආරම්භ වීමට නියමිත බවයි.

එදින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වා ද, ඉන් අනතුරුව අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා මධ්‍යහ්න 12:00 සිට පස්වරු 5:30 දක්වා ද, ශ්‍රී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත වනවා.

ඊයේ දින පැමිණි ආරක්ෂක ලේකම්වරයා මහානායක හිමිවරුන් බැහැදැකීමට ද ගියා.

ශ්‍රී ලංකාව පුරා විසිර සිටින බැතිමතුන් වෙත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට හා වැඳ පුදා ගැනීමට උදා වී ඇති මෙම දුර්ලභ අවස්ථාව බෙහෙවින් අගය කරන බවයි එහිදී ඔහු මහ නා හිමිවරුන් සමග කළ සුහද පිළිසඳරෙහි දී කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21