දස හැවිරිදි දරුවන් දෙදෙනා බිය ගන්වා කසිප්පු පෙවූ අයෙක් පොලිස් දැලේ

දස හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයෙක් ඔයාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම්කරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැව අසළදී දරුවන් දෙදෙනාට කෝටුවක් පෙන්වා තර්ජනයකර බලහත්කාරයෙන් කසිප්පු පොවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික ලෙස මත්වී සිටි දරුවන් දෙදෙනා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?