දසුන්ගේ නායකත්වයෙන් හම්බන්තොටට ඉතිහාසයේ කුළුඳුල් ලංකා T10 ශූරතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් පළමු වරට මෙරට දී සංවිධානය කළ ලංකා T10 සුපර් ලීගයේ කුළුඳුල් ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) රාත්‍රියේ දී සමත් වුණා.

තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ඇරඹුණේ කාසියේ වාසියේ ජය ප්‍රතිවාදී ජැෆ්නා ටයිටන්ස් වෙත පිරිනමමින්.

ජැෆ්නා නායක ඩේවිඩ් වයිස් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමු ව අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් හම්බන්තොට කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ දී කඩුලු 07ක් දැවී දැවැන්ත ලකුණු 133ක් වාර්තා කරගත්තා.

ශෙවොන් ඩැනියල් සහ මොහොමඩ් ශහශඩ් ලකුණු 26 බැගින් රැස් කරගත් අතර නායක දසුන් ලකුණු 21ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී ජැෆ්නාවරුන් වෙනුවෙන් මල්ෂ තරුපති ලකුණු 22කට කඩුලු 05ක්, ප්‍රිටෝරියස් කඩුලු තුනක් සහ නුවන් තුෂාර සහ ප්‍රමෝද් මධුෂානෙක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

හම්බන්තොට කණ්ඩායම අවසන් මහා තරගයේ දී එල්ල කළ හයේ පහර ගණන 09ක්.

පිළිතුරු ඉනිම ලකුණු 134ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නාවරුන්ට සිය පන්දුවාර 10 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.

ජැෆ්නා වෙනුවෙන් ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හම්බන්තොට වෙනුවෙන් රිචර්ඩ් ග්ලේසන් කඩුලු 03ක්, දසුන් ශානක කඩුලු 02ක් සහ ඉසුරු උදාන එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව ලංකා T10 තරගාවලියේ මංගල ශූරතාව තමන් නමින් දිනාගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල සමත් වුණා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වය ම නායක දසුන් ශානකට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16