දසත නිව්ස් නිල ලාංඡනය භාවිත කරමින් අසත්‍ය තොරතුරු පළ කිරීමේ සූක්ෂ්ම මෙහෙයුමක් – නො රැවටෙන්න! (ඡායාරූප)

මෙරට සුප්‍රසිද්ධ ගායන – වාද්‍ය වෘන්දයක් වන ‘මේරියන්ස්’ (Marians) සංගීත කණ්ඩායම පිළිබඳ ව පළ වන ඇතැම් දේශපාලනික සබැඳියාවක් පවතින සිද්ධි දාමය සම්බන්ධයෙන් ‘දසත’ ප්‍රවෘත්ති අංශය වන අප විසින් ද මුහුණුපොත හරහා පෝස්ටුවක් පළ කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

නමුත් මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ප්‍රවෘත්තිමය සහ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් පවතින වැඩිම සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ගිණුමකට හිමිකම් කියන අප මාධ්‍ය ආයතනයෙන් කිසිදු ලෙසකින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහයක් නොගන්නා අතර ‘මේරියන්ස්’ කණ්ඩායම පිළිබඳ කිසිදු පුවතක් පළ කර නොමැති බවට ද සහෘද පරිශීලකයින්ට මෙමගින් දැනුම්දීමට තීරණය කර ඇත්තෙමු.

එබැවින් පහත දැක්වෙන පෝස්ටුව කිසියම් කණ්ඩායමක් විසින් අසත්‍ය ප්‍රචාරණය සහ ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා සාවද්‍ය ප්‍රවෘත්ති සමාජගත කිරීමට පුහු වෑයමක නිරත වන අතර; ඊට දසත ලංකා ප්‍රවෘත්ති අංශයේ නිල ලාංඡනය සහ හැඩතල යොදා ගෙන ඇති බවට ද පෙනෙන්නට ඇත.

ඒ අනුව මේරියන්ස් සම්බන්ධයෙන් අප ආයතනයෙන් කිසිදු ප්‍රවෘත්තියක් පළ කර නොමැති බවට මෙමගින් නිල වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කරන අතර; යම් තොරතුරක නිරවද්‍යභාවය තහවුරු කරගැනීමට පරිශීලක ඔබට අවශ්‍ය නම් දසත නිව්ස් අප නිල වෙබ් අඩවිය වෙත පහත දිගුවෙන් https://dasathalankanews.com/ එක් වන ලෙසට ද ඉල්ලා සිටීමට අපි කැමැත්තෙමු..

දසත ප්‍රවෘත්ති අංශයේ නිල ලාංඡනය භාවිත කරමින් වෙනත් පාර්ශ්වයක් විසින් පළ කරන ලද අසත්‍ය පෝස්ටුව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
3
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08