දසත අනාවරණයෙන් පසු ඌරු වැඩක් නවතී (වීඩියෝ)

ජනතාව පීඩාවට පත් කරමින් පොල්ගහවෙල හදගල ප්‍රදේශයේ අවිධිමත් ලෙස පවත්වාගෙන ගිය ඌරු ගොවිපලක් ඉවත් කර ගැනීමට එහි හිමිකරු එකඟතාව පල කර තිබෙනවා.

ඒ අදාළ ඌරු ගොවිපල හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ දසත නිවුස් කළ අනාවරණයෙන් පසුව පැවති සාකච්ඡාවකදී.

නීතිවිරෝධි හා අවිධිමත්ව පවත්වාගෙන ගිය මෙම ඌරු ගොවිපොළ හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් හා ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය එක් වීමෙන් විශාල හානියක් සිදුව තිබුණා.

ඌරු ගොවිපොළ හේතුවෙන් තමන් විඳින පීඩාවන් පිළිබඳ ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද නිසි විසඳුමක් ලැබුණේ නැහැ.

දසත නිව්ස් ඔස්සේ මේ පුවත විකාශය වීමෙන් පසු වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ගොවිපොළේ හිමිකරු හා ප්‍රදේශවාසීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

හිමිකරු එහිදී එකඟතාව පල කර ඇත්තේ මාසයක් ඇතුළත ගොවිපොළ ඉවත් කර ගන්නා බවටයි.

දීර්ඝ කාලයක් තිස්සේ බලධාරින්ගේ අවධානය නොලැබුණු සිය ගැටලුවට විසඳුමක් ලැබීම සම්බන්ධයෙන් ජනතාව තුල ඇත්තේ මහත් ප්‍රසාදයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16