AFC Banner
AFC Banner
Empty Ad

දසත අනාවරණයෙන් පසු ඌරු වැඩක් නවතී (වීඩියෝ)

ජනතාව පීඩාවට පත් කරමින් පොල්ගහවෙල හදගල ප්‍රදේශයේ අවිධිමත් ලෙස පවත්වාගෙන ගිය ඌරු ගොවිපලක් ඉවත් කර ගැනීමට එහි හිමිකරු එකඟතාව පල කර තිබෙනවා.

ඒ අදාළ ඌරු ගොවිපල හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ දසත නිවුස් කළ අනාවරණයෙන් පසුව පැවති සාකච්ඡාවකදී.

නීතිවිරෝධි හා අවිධිමත්ව පවත්වාගෙන ගිය මෙම ඌරු ගොවිපොළ හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් හා ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය එක් වීමෙන් විශාල හානියක් සිදුව තිබුණා.

ඌරු ගොවිපොළ හේතුවෙන් තමන් විඳින පීඩාවන් පිළිබඳ ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද නිසි විසඳුමක් ලැබුණේ නැහැ.

දසත නිව්ස් ඔස්සේ මේ පුවත විකාශය වීමෙන් පසු වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ගොවිපොළේ හිමිකරු හා ප්‍රදේශවාසීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

හිමිකරු එහිදී එකඟතාව පල කර ඇත්තේ මාසයක් ඇතුළත ගොවිපොළ ඉවත් කර ගන්නා බවටයි.

දීර්ඝ කාලයක් තිස්සේ බලධාරින්ගේ අවධානය නොලැබුණු සිය ගැටලුවට විසඳුමක් ලැබීම සම්බන්ධයෙන් ජනතාව තුල ඇත්තේ මහත් ප්‍රසාදයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?