දශක 04කට පසු ඉන්දීය අගමැතිවරයෙක් ඔස්ට්‍රියාවට

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වියානා සංචාරය දශක හතරකට වැඩි කාලයකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පළමු සංචාරය සනිටුහන් කරන බැවින් එය “විශේෂ ගෞරවයක්” බව ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහැම්මර් පවසනවා.

තවද, මෙම සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වසර සැමරීම සමඟ සමපාත වන බව ද ඔහු එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවසුවා.

1983 දී ඉන්දිරා ගාන්ධිගේ සංචාරයෙන් පසු වසර 41 කට පසු ඉන්දීය අගමැතිවරයෙකුගේ පළමු සංචාරය සනිටුහන් කරමින් ජූලි 9 වැනිදා අගමැති මෝදි ඔස්ට්‍රියාවේ සංචාරය කිරීමට නියමිතයි.

චාන්සලර් නෙහාමර් මෙම සංචාරයේ වැදගත්කම අවධාරණය කළ අතර, එය ද්විපාර්ශ්වික සබඳතා පුලුල් කිරීමට සහ විවිධ භූ දේශපාලනික අභියෝග සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අවස්ථාවක් ලබා දෙන බව සඳහන් කළා.

“අපගේ ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් පුලුල් කිරීමට සහ බොහෝ භූ දේශපාලනික අභියෝග සම්බන්ධයෙන් සමීප සහයෝගීතාව පිළිබඳව කතා කිරීමට අපට අවස්ථාව ලැබෙනු ඇත,” ඔස්ට්‍රියානු චාන්සලර්වරයාගේ එක්ස් සටහනේ දැක්වුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජුලි 08 වැනිදා සිය රුසියානු සංචාරය අවසන් කිරීමෙන් පසු ඔස්ට්‍රියාව බලා යෑමට නියමිතයි.

ඔස්ට්‍රියාවේ සංචාරයක නිරත වූ පළමු ඉන්දීය නායකයා ලෙස හිටපු අගමැති ජවහර්ලාල් නේරු 1955 දී ඔස්ට්‍රියානු චාන්සලර් ජුලියස් රාබ් හමුවුණා.

1999 නොවැම්බර් මාසයේ දී එවකට ඉන්දීය ජනාධිපති කේ.ආර්.නාරායනන් ඔස්ට්‍රියාවේ සංචාරය කළ අතර ඉන් අනතුරුව 2011 වසරේ හිටපු ජනාධිපති ප්‍රතිභා පටිල් එරට සංචාරයක නිරත වී තිබෙනවා.

අගමැතිවරයෙක් ලෙස ඉන්දිරා ගාන්ධි 1983 දී අවසන් වරට ඔස්ට්‍රියාවට පැමිණි අතර ඇය 1971 දී ද වියනා හි සංචාරය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?