දරු දෙදෙනා ළිඳට දමා මව සියදිවි නසාගන්න හදලා – දරු දෙදෙනා ජීවිතක්ෂයට

මවක් සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇය ද සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ පුවතක් කුරුවිට, කරපිංචවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මව ඊයේ (18) මෙලෙස තම දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇයද සියදිවි හානිකර ගැනීමට උත්සහ කර ඇති බවයි කුරුවිට පොලිසිය සඳහන් කළේ.

මව විසින් ළිඳට දැමූ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනා අවුරුදු 04 සහ අවුරුදු එකහාමාර යන වයස්වල පසුවූ බවයි වාර්තා වන්නේ.

කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානයකර සියදිවි නසාගැනීමට උත්සාහ කළ 39 හැවිරිදි මව මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

සිය සැමියා සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඇය මෙම තීරණයට එළඹ ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08