නව හැවිරිදි පිරිමි දරුවෙකු රවටාගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.
ඊයේ (04) රාත්රී 8.00 කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ගමන්ගත් දුම්රියට සැකකරු විසින් අදාල දරුවා නංවාගෙන ඇති බවයි අනවරණය වී ඇත්තේ.
මොවුන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ මගීන්, දැරවාගෙන් ප්රශ්න කිරීමේ දී සැකකරු දුම්රියෙන් පැන පළායාමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව නුගේගොඩ දුම්රිය ස්ථානයේදී සැකකරු අල්ලා, මහරගම දුම්රිය ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට සැකකරු සහ දරුවා භාරදීමට කටයුතු කර තිබෙනවා.
අදාල දරුවා මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර නිවසින් අතුරුදන්ව සිටි බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්රශ්න කිරීම්වලදී හෙළි වූයේ ඔහු දින දෙකක පමණ කාලයක් මෙම දරුවා රැගෙන දිවයිනේ විවිධ ස්ථානවලට ගමන් කර ඇති බවයි.