දරුවාට නඩත්තු ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් නඩු මඟට

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් මස 08 දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා අද (21) දින නියම කළා.

එම ගුවන් සේවිකාව ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව අද (21) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ එසේ නියම කෙරුණා.

විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.

විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබාදුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන ලෙසයි.

සිද්ධියේ සැකකරුවකු වන චාමික කරුණාරත්න අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙලෙන බැවින් නඩුව සඳහා සහභාගි නොවූ ඉදිරි නඩු වාරයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

පැමිණිලිකාර ගුවන් සේවිකාව හා සැකකාර චාමික කරුණාරත්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නඩුව දෙසැම්බර් මස 08 වන දින නැවත කැඳවීමට දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
18
+1
120
+1
18
+1
33
+1
10
+1
51
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?