දරුවාට නඩත්තු ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් නඩු මඟට

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් මස 08 දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා අද (21) දින නියම කළා.

එම ගුවන් සේවිකාව ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව අද (21) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ එසේ නියම කෙරුණා.

විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.

විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබාදුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන ලෙසයි.

සිද්ධියේ සැකකරුවකු වන චාමික කරුණාරත්න අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙලෙන බැවින් නඩුව සඳහා සහභාගි නොවූ ඉදිරි නඩු වාරයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

පැමිණිලිකාර ගුවන් සේවිකාව හා සැකකාර චාමික කරුණාරත්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නඩුව දෙසැම්බර් මස 08 වන දින නැවත කැඳවීමට දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
18
+1
120
+1
18
+1
33
+1
11
+1
51
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58