දරුවාට නඩත්තු ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක් නඩු මඟට

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් මස 08 දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා අද (21) දින නියම කළා.

එම ගුවන් සේවිකාව ගොනුකර තිබෙන පැමිණිල්ලට අදාළ නඩුව අද (21) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ එසේ නියම කෙරුණා.

විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.

විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබාදුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන ලෙසයි.

සිද්ධියේ සැකකරුවකු වන චාමික කරුණාරත්න අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙලෙන බැවින් නඩුව සඳහා සහභාගි නොවූ ඉදිරි නඩු වාරයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

පැමිණිලිකාර ගුවන් සේවිකාව හා සැකකාර චාමික කරුණාරත්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නඩුව දෙසැම්බර් මස 08 වන දින නැවත කැඳවීමට දින නියම කළා.

  1. බලු වැඩ කරන පාහරයෙක්. ඕකට ක්‍රිකට් ගහන්න බෑ.. අමු පිංගුත්තරයෙක්..
    ඔය වගේ බලුවැඩ කරන්න විතරයි පුළුවන්..

  2. කෙල්ලෙක් වුනහම දැනගන්න ඕන කසාද නොබැඳ දරුවෝ හදන එක මොනවගේ වෙයිද කියලා. ප්‍රසිද්ද චරිත පස්සෙ ගිය අප්‍රසිද්ද මේ වගේ සිදුවීම් වලින් අනිත් දරුවොත් පාඩමක් ඉගෙනගන්න.

  3. මේක යුරෝපය නෙවේ..විවාහ වෙන්න කලින් දරුවෝ හදන්න ඉස්සර මේව කල්පනාකලයුතුව තිබුනේ ගුවන් සේවිකාව.. උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න නොදන්නා අය නෙවේනේ…මේවා ඉල්ලාගෙන කෑම

  4. තිරිසනා යකෝ හිඟන්නෙ කතා වගේ පාර වැඩ කරන්න අහිංසක පොඩි ළමයාගේ මූණ බලපං කාලකන්නියා පරයෙක් නොවේ අහිංසක ළමයා ගැනී භාර ගනින් පොන්න පගයා ොට ගහන්න බැරිනේ ක්‍රිකට් විතරයි ටල්ලා ගහන්න තියෙන්නේ සේනම ජනතාවක්

  5. මේ වගේ ප්‍රශ්න සමාජයේ කොතෙකුත් තියෙනවා ්‍ ඒවට නීතිමය ප්රතිපාදනයක් තියෙනවා. මේවා මේ ක්‍රිකට් වලට සම්බන්ධ නෑ. සැලසුමක් නැතුව ළමයෙක් හැදුවහම කාට නැතත් ළමයාට හානි කරලා. කසාද බැඳගෙනම කරන්න තිබුණා. කසාද බැන්දත් දික්කසාද වෙනවනේ. ආවට ගියාට දරුවෝ හදපු එක වැරදියි. දැන් ඉතින් තියෙන්නේ ළමයගේ කටයුතු වලට වියදම් දෙන්නයි සොයා බලන්නයි. අම්මා කෙනෙක් විදියට ළමයා හොඳින් රැක බලා ගන්නයි දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් වත් හරියට හිටියනං ඇති… හරියට හිටියනම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17