අම්මා කෙනෙකුගේ ආදරය ගැන කියලා ඉවර කරන්නවත් ඒ සෙනෙහස වචනයට පෙරලන්නවත් සමත් කෙනෙක් මෙලොව තවමත් බිහිවී නැහැ..
මේ ඒ විදිහේ කතාවක් ගැන වෛද්‍යවරයෙකු මේ විදිහට සටහනක් තබා තිබුණා.
ගැහැණියකටමය
සුන්දර
ලියවැලක් , මලක්
කෙටුවාම
පිරිමි ඇස් හිරි වට්ටන
තැන්වල
ඒ ගැහැනියටම හැකිය
මුහුනින් අඩකම
කළු ලපයක් කොටන්නට
පුතුගේ මුහුනේ ලපය විදියටම
ගැහැණියකටම
මතු බුදුවන්නට
පිරිමි අපි පතන්නේ
එහෙයින්මය
මව් සෙනෙහසට
කළ නොහැක්කක් නැති හෙයින
Sturge-Webber syndrome නම් උපතින්ම ඇතිවන ස්නායු රෝගයේදි මුහුණේ පැල්ලමක් ඇතිවේ ( port wine stain ) එය මුහුණ විකෘති කරන නිසා දරුවන් මහත් මානසික ආතතියට පත්වේ.
මේ මව තම පුතුගෙ මුහුණේ ඇතිවූ එම ලපයට සමාන ලෙස තම සුන්දර මුහුනේ කළු ලපයක් කොටා ගත්තේ දරුවාගේ ආත්මශක්තිය කඩා නොවැටෙන්නටය.
ගැහැණියක් මවක් වූ පසු කෙතරම් දෙයක් තම දරුවන් වෙනුවෙන් කල හැකිද ?
තම සුන්දර මුහුණ විරූපි කරගන්නට ඇය ඉදිරිපත් වන්නේ ඒ අසමාන දාරක ස්නේහය නිසාමය.
වෛද්‍ය රසික සඳරුවන්