AFC Banner
Empty Ad
Empty Ad

දරුවන් ගැන අවදානයෙන් : පිළිකා කාරක අඩංගු මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මෙම පරීක්‍ෂණය සඳහා භාවිත කරන ලද බඳුන් 98න් 76කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු තිබෙන බවත් මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන්කර තිබුණද විද්‍යාගාර පරීක්‍ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී තිබෙන බවද එම සංවිධානය මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

බිස්ෆීනෝල් A (Bisphenol A- BPA) යනු පිළිකා,කාරකයක් බවත් මිට අමතරව ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා,පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාව මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලු ඇතිකරන රසායනිකයක් බවදඑම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.

බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යනුකූලව හඳුනාගෙන තිබෙනබවත්, යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුණත් සමහර භාණ්ඩවල එම රසායනිකය අඩංගු බව තහවුරු වී තිබෙනබවත්, මේ නිසාදෙමවුපියන්තමන්ගෙ දරුවන්ට යහපත් දේ ලබාදෙන්න පෙළඹුනත්,වෙළෙඳ සමාගම් ඔවුන්වනොමග යවන බවට පැහැදිලි වන බවත් එමගින් පෙන්වාදී ඇත.

මේ නිසා අන්තරායකරරසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති සේම ඒවා නිසි පරිදික්‍රියාත්මකවන බව තහවුරු කිරීමට නිසි අධීක්‍ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය බවද එම සංවිධානය සඳහන් කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සකස්කර තිබෙන IPEN ආයතනය විසින් මෙම පරීක්‍ෂණය සිදුකරන ලදී.

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව,මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාවසහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජිකකණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිෂ්පාදන නියැදි ලබාගෙන මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් අඩංගුද යන්නපරීක්‍ෂා කළ බවදපරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

මෙම රසායනික පරීක්‍ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්හි පිහිටි, රසායන විද්‍යාව සහතාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේපිහිටා ඇති ශ්‍රීරාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?