දරුවන් ගැන අවදානයෙන් : පිළිකා කාරක අඩංගු මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මෙම පරීක්‍ෂණය සඳහා භාවිත කරන ලද බඳුන් 98න් 76කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු තිබෙන බවත් මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන්කර තිබුණද විද්‍යාගාර පරීක්‍ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී තිබෙන බවද එම සංවිධානය මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

බිස්ෆීනෝල් A (Bisphenol A- BPA) යනු පිළිකා,කාරකයක් බවත් මිට අමතරව ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා,පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාව මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලු ඇතිකරන රසායනිකයක් බවදඑම නිවේදනය මගින් පෙන්වාදී තිබේ.

බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යනුකූලව හඳුනාගෙන තිබෙනබවත්, යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුණත් සමහර භාණ්ඩවල එම රසායනිකය අඩංගු බව තහවුරු වී තිබෙනබවත්, මේ නිසාදෙමවුපියන්තමන්ගෙ දරුවන්ට යහපත් දේ ලබාදෙන්න පෙළඹුනත්,වෙළෙඳ සමාගම් ඔවුන්වනොමග යවන බවට පැහැදිලි වන බවත් එමගින් පෙන්වාදී ඇත.

මේ නිසා අන්තරායකරරසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති සේම ඒවා නිසි පරිදික්‍රියාත්මකවන බව තහවුරු කිරීමට නිසි අධීක්‍ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය බවද එම සංවිධානය සඳහන් කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සකස්කර තිබෙන IPEN ආයතනය විසින් මෙම පරීක්‍ෂණය සිදුකරන ලදී.

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව,මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාවසහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජිකකණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිෂ්පාදන නියැදි ලබාගෙන මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් අඩංගුද යන්නපරීක්‍ෂා කළ බවදපරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

මෙම රසායනික පරීක්‍ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්හි පිහිටි, රසායන විද්‍යාව සහතාක්‍ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේපිහිටා ඇති ශ්‍රීරාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25