දරුවන්ට සිදු ව ඇති ලිංගික හිංසන සිදුවීම් ගැන 2024 දි පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.

2024 ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනි දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වී ඇති අතර එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි බව ද එම අධිකාරිය සඳහන් කළා.

ළමුන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොමු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.

මේ අතර ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්ෂය තුළ වාර්තා වී ඇති අතර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

2024 වර්ෂය තුළ සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම සම්බන්ධ පැමිණිලි 18ක් ලැබී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳ පැමිණිලි 120ක් ලැබී ඇති බව වාර්තා වනවා.

බාලවයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 53ක් පසුගිය වර්ෂය තුළ ලැබී ඇති අතර උප්පැන්න සහතික නොමැති ළමුන් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21