දරුණු කොවිඩ් ප්‍රභේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වුහාන් ප්‍රභේදයට වඩා වරින්වර ඉස්මතු වූ ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ,”අපට අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේද ඇතිවිය හැකි බවයි,” යනුවෙනි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

වුහාන් ආරම්භක COVID ප්‍රභේදයේ R0 අගය 2.3 සහ 2.7 අතර විය. ඇල්ෆා ප්‍රභේදයේ R0 අගය 4-5ත් වූ අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයේ R0 අගය 5-8ත් අතර වේ. (R0 අගය යනු රෝගය වලඳුණු එක් පුද්ගලයකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයින් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැලඳේ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගයකි.)

වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද, ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැක ගැනීමට හැකි විය. එමෙන්ම එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වෙෙරස් ප්‍රභේදයේ වෙනස්වීමත් සමඟ ඉහළ යනු දැක ගැනීමට හැකි වේ.

එබැවින් අද වනවිට අප එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන රෝගීවූ සහ මරණයට පත් වූවන් ගැන කතා කරන යුගයක් එළඹ ඇත. මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමඟ පළමු රැල්ලට වඩා දරුණු දෙවන රැල්ලක්ද, දෙවන රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වන රැල්ලකටද, ඊටත් වඩා දරුණු වූ හතරවන රැල්ලකටත් අද වනවිට අපට මුහුණ දීමට සිදුවී ඇත.

අප මෙම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම, වැළැක්වීම නොහැකිවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21


?