දරුණු කොවිඩ් ප්‍රභේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වුහාන් ප්‍රභේදයට වඩා වරින්වර ඉස්මතු වූ ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ,”අපට අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේද ඇතිවිය හැකි බවයි,” යනුවෙනි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

වුහාන් ආරම්භක COVID ප්‍රභේදයේ R0 අගය 2.3 සහ 2.7 අතර විය. ඇල්ෆා ප්‍රභේදයේ R0 අගය 4-5ත් වූ අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයේ R0 අගය 5-8ත් අතර වේ. (R0 අගය යනු රෝගය වලඳුණු එක් පුද්ගලයකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයින් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැලඳේ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගයකි.)

වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද, ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැක ගැනීමට හැකි විය. එමෙන්ම එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වෙෙරස් ප්‍රභේදයේ වෙනස්වීමත් සමඟ ඉහළ යනු දැක ගැනීමට හැකි වේ.

එබැවින් අද වනවිට අප එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන රෝගීවූ සහ මරණයට පත් වූවන් ගැන කතා කරන යුගයක් එළඹ ඇත. මෙම වෛරස් ප්‍රභේදවල දරුණුවීමත් සමඟ පළමු රැල්ලට වඩා දරුණු දෙවන රැල්ලක්ද, දෙවන රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වන රැල්ලකටද, ඊටත් වඩා දරුණු වූ හතරවන රැල්ලකටත් අද වනවිට අපට මුහුණ දීමට සිදුවී ඇත.

අප මෙම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම, වැළැක්වීම නොහැකිවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23