දයාසිරිගේ ලේකම් ධුරයට එරෙහි විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 05ට කලින් දෙන්න – අධිකරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා තමන් බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ 20 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පවරා ඇති නඩු⁣ව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 05 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; එම නියෝගය ප්‍රකාරව එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද ප්‍රධාන විනිසුරුවරයා නියෝග කළ බවයි.

දයාසිරි ජයසේකර මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , සාරතී දුෂ්මන්ත, හේක්ටර් බෙත්මගේ, කීර්ති උඩවත්ත, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ ඇතුළු 20 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී ජනාධිපති නීතිඥ ඉක්ක්‍රම් මොහොමඩ් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ ජුලි 03 වැනිදා පෙත්සම්කරුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කළ ලිපිය නීතිවිරෝධි බවයි.

වගඋත්තරකරුවන් කැඳවා තිබු පක්ෂයේ විධායක රැස්වීම ද නීතිවිරෝධී බව සඳහන් කළ නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට හා පක්ෂ කාර්‍යාලයට ඇතුළු වීමට ඉඩ නොදී වගඋත්තරකරුවන් කරන බාධා කිරිම්වලින් ඔවුන් වළකාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සහීඩා බාරි මහතා කරුණු දක්වමින් ජුලි 03 වැනිදා නිකුත් කළ ලිපිය වාරණය කිරිමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් ඔහුට අවාසි නඩු තීන්දු සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නියෝග කළේ විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 05 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට කටයුතු කරන ලෙසටයි.

මෙම නඩුව නැවත සැප්තැම්බර් 05 වැනිදා කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47