දඹුල්ලේ පැවති T20 තරගාවලියේ දී තරග පාවා දුන් අමිත් පටෙල්ට වරෙන්තු

දඹුල්ලේ පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර අමිත් පටෙල් හෙවත් යෝගි පටෙල් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (24) වරෙන්තු නිකුත් කළා.

තමන් ශ්‍රී ලංකාවෙන් පිටවූ බව සිය සේවාදායකයා විසින් ම තමන්ට දැනුම්දෙනු ලැබූ බව එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කළගම්පිටිය මහතා මහාධිකරණ විනිසුරුවරයාට දැනුම්දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම විත්තිකරුට විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලද නමුත් ඔහු රහසිගත ව රටින් පිටව ගොස් ඇති බව පෙන්වාදෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ වාර්තාවක් සමග මෝසමක් ඉදිරිපත් කරමින් මින් පෙර මහාධිකරණයට දැනුම්දී තිබුණා.

අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝග අනුව එම විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇප බැඳුම්කර අත්සන් කළ ඇපකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

වහාම එම විත්තිකරු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටත්, එය කිරීමට අපොහොසත් වුවහොත් ඇප මුදල් දඩයක් ලෙස අයකර ගැනීමට නියෝග කරන බවටත් විනිසුරුවරයා එම ඇපකරුවන්ට තරයේ අවවාද කළා.

පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන 30 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි ද නිකුත් කෙරුණා.

විත්තිකරුවන් ඇපකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතා පෙනී සිටි අතර රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08