දන්සැල් පරීක්ෂාවට සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවය.

“එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියල්ල සුදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් ලිඛිතව දැනුම් දුන්නහම දන්සල ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා. ඒ වගේම දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000කට ආසන්න පිරිසක් තමන්ගේ කොට්ඨාසවලට අයත් දන්සල් වෙසක් පොහොයට පෙර දින, පොහොය දිනයේ හා පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරනවා.”

දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාචන රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ජලය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“වැසි තත්ත්වය සමග පාචනය රෝගය පැතිර යෑමේ අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් තමන් ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හා ජලය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පළා වර්ග වගේ දේවල් යොදා ගන්නවා නම් මතුපිට ජලය ගලා නොඑන තැන්වලින් සකසා ගත් පළා වර්ග යොදා ගන්න. විශේෂයෙන්ම ආහාර විෂවීම හා පාචනය ගැන අවදානයෙන් කටයුතු කරන්න. යම් ලෙසකින් දන්සැල් ලබාදෙන තැන්වල සෞඛ්‍යානුකූල නොවන ආකාරයේ දෙයක් සිද්ධ වුණොත් එය අත්හිටුවීමට ක්‍රියාමාර්ග අපිට ගන්න වේවි”.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?