දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ හෙට (24) දින දෙවනවර කියවීමේ විවාදයට ගැනීමට නියමිත (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර තිබෙනවා.

ඒ උක්ත කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී කමිටුවේ සභාපතිවරයා පැවසුවේ දරුවන් ඉලක්ක කරගත් ශාරීරික දඬුවම් සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ සඳහා නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී ඇති බවයි.

ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබුණු බවත් මේ සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පැවති අතර, තත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිමය විධිවිධාන ගෙන ආ යුතු බවට සාකච්ඡාවට ලක් කෙරුණා.

එනිසාම මෙම ගැටලුව සම්බන්ධයෙන් නීතියක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් විසින් අඛණ්ඩව අවධාරණය කර ඇති බවත් ඒනිසා ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් උක්ත පනත් කෙටුම්පත ගෙන එන බවට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කළ බවයි කාරක සභාවට සහභාගී වූ අදාළ නිලධාරීන් පවසා සිටියේ.

මෙය කිසිවිටෙකත් ගුරුවරුන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, දරුවන්ට ශාරීරිකව දඬුවම් කරන ඕනෑම කෙනෙකුට අදාළ වන නීතියක් බවත් එම නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?