දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ හෙට (24) දින දෙවනවර කියවීමේ විවාදයට ගැනීමට නියමිත (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර තිබෙනවා.

ඒ උක්ත කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී කමිටුවේ සභාපතිවරයා පැවසුවේ දරුවන් ඉලක්ක කරගත් ශාරීරික දඬුවම් සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ සඳහා නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී ඇති බවයි.

ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබුණු බවත් මේ සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පැවති අතර, තත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිමය විධිවිධාන ගෙන ආ යුතු බවට සාකච්ඡාවට ලක් කෙරුණා.

එනිසාම මෙම ගැටලුව සම්බන්ධයෙන් නීතියක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් විසින් අඛණ්ඩව අවධාරණය කර ඇති බවත් ඒනිසා ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් උක්ත පනත් කෙටුම්පත ගෙන එන බවට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කළ බවයි කාරක සභාවට සහභාගී වූ අදාළ නිලධාරීන් පවසා සිටියේ.

මෙය කිසිවිටෙකත් ගුරුවරුන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, දරුවන්ට ශාරීරිකව දඬුවම් කරන ඕනෑම කෙනෙකුට අදාළ වන නීතියක් බවත් එම නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18