දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමට අවසර

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශාරීරික දඬුවම් මගින් දරුවෙකුට සිදුවන ශාරීරික හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙන බවයි කැබිනට් සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

එබැවින්, ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මගින් හිංසනයට ලක්කිරීම තහනම් කිරීම සඳහා සහ ශාරීරික හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නැහැ.

එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?