දකුණ ට දිස්වූ සූර්යය ප්‍රභා මණ්ඩලය

දකුණු පළාතේ තැන් කිහිපයක සූර්යය ප්‍රභා මණ්ඩලයක් දර්ශනය වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය අංශ ප්‍රධානී,මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සූර්යයා වටා තිබෙන වෘත්තාකාර රැස් වළල්ලක් එලෙස සූර්යය ප්‍රභා මණ්ඩලයක් ලෙස හැඳින්වෙන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් “හේලෝ” යන නමින් හැඳින්වේ.

එවැනි ප්‍රභා මණ්ඩලය චන්ද්‍රයා වටා වුවද ඇති විය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

“අහසේ ජලවාෂ්ප නැති වූ විට ඉහළට යන ස්වල්ප ජලවාෂ්ප ප්‍රමාණය ස්ඵඨික වශයෙන් හැදෙනවා. එම අයිස් ස්ඵටික හරහා සූර්යාලෝකය එන විට එය වර්තනයට ලක්වූ විට මෙවැනි වර්ණවත් රතුපාට ඇතුළෙත්, වෙනත් වර්ණ ඊට පසුව සිටින විදියට වෙනත් වර්ණ පිහිටන අවස්ථා තියෙනවා. එය රැස් වළල්ලක් ලෙස පෙනෙනවා.” යනුවෙන් මෙහිදී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙය සාමාන්‍යයෙන් අංශක 22 ප්‍රභා මණ්ඩල ලෙස ද හඳුන්වන අතර, පැරැන්නන් කාලගුණය පිළිබඳව අනාවැකි පළ කරන්නට මෙවැනි ලක්ෂණ යොදා ගත් බව ද වාර්තා වේ.

මෙය වළාකුළු වැඩි වශයෙන් තිබෙන විට ඇතිවුවහොත් පැය විසි හතරක් ඇතුළත වර්ෂාවක් එන බවට අනාවැකියක් වන අතර, ඉහළ අහසේ ඇති වන විට මෙය වියළි කාලගුණ තත්ත්වයක් බවට අනාවැකියක් බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙය අයිස් ස්ඵඨීක තිබෙන ප්‍රදේශවල පමණක් දර්ශනය වන අතර සෑම ප්‍රදේශයකට ම එකවර දර්ශනය නොවන බවත් ඒ මහතා පැවසීය.

අම්බලන්තොට ප්‍රදේශයට සූර්යය ප්‍රභා මණ්ඩලය දිස් වු අයුරු මෙහි ඡායාරූපයෙන් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !