දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරිමක් ඇතිව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පසුව ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැස්පියන් මුහුදේ වෙරළ තීරයේ ප්‍රාදේශීය අගනුවර වන මැක්හැක්ලාහි මෙම පිපිරීම සිදුව ඇති අතර පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් ගුවන් මගින් මොස්කව් වෙත රැගෙන ගොස් ඇති බව හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසනවා

ගින්න වර්ග මීටර් 600 ක ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?