දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කරනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ මෙහෙයුමක දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැනුණා.
එහිදී එක් යාත්‍රාවක පුද්ගලයින් පස්දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් හයදෙනෙකු සිටිය දී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.
මෙම යාත්‍රා දෙකේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට සැකපළ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1



