දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට ඇල්ලූ යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායට

දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කරනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ මෙහෙයුමක දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැනුණා.

එහිදී එක් යාත්‍රාවක පුද්ගලයින් පස්දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් හයදෙනෙකු සිටිය දී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම යාත්‍රා දෙකේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට සැකපළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25