දකුණු මුහුදේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය, ආයුධ සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙනවා.
ඒ, අනුව සැකකරුවන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවේ.
නාවික හමුදාව විසින් සිය භාරයට ගැනුණු මම බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ, අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478ක් සහ හෙරෙයින් කිලෝග්‍රෑම් 176ක් මෙලෙස සොයාගැනුණු මත්ද්‍රව්‍ය තොගයට අයත්.
මත්ද්‍රව්‍ය තොගයට අමතරව යාත්‍රාවේ තිබී ටී -56 ගිනි අවි දෙකක්, නවීකරණය කරන ලද එම් -16 ගිනි අවියක් සහ පිස්තෝල අටක් සොයා ගැනුණා.
මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් පැවසුවේ අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන යාත්‍රාවට සහාය වූ බවට විශ්වාස කෙරෙන තවත් යාත්‍රාවක් ද ගොඩබිමට ගෙන ආ බවයි.
යාත්‍රා දෙකේ සිට අත්අඩංගුවට ගැනුණු සමස්ත සැකකරුවන් ගණන 10ක් බවයි නාවික හමුදාව සඳහන් කළේ.



