දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද පස්වරුවේ වැසි

දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද (08) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !