AFC Banner
Empty Ad
Empty Ad

දකුණු කොරියාවේ හෝටලයක ගින්නක් – හත්දෙනෙක් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ බුචියොන් නගරයේ පිහිටි හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් හත්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ගින්නෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න හටගත් අවස්ථාවේ දී ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සපයන ලද වායු මෙට්ටයකට හෝටලයේ ඉහළ මහලක ජනේලයකින් පැනීමේ දී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව ද වාර්තා වනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ගින්න ගොඩනැගිල්ල පුරා පැතිර නොගිය ද සිදුවූ හානිය විශාල බවයි දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?