AFC Banner
AFC Banner
Empty Ad

දංඕවිට දී වෙඩි උණ්ඩයකට බිළි වූ ඉරේෂාගේ වැඩිමල් සහෝදරයා හෙළිකළ කතාව

දංඕවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසකට පොලිසිය එල්ල කළ වෙඩි පහරකට ලක්ව කතාවක් පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ඉරේෂා ශ්‍යාමලී නැමති 29 හැවිරිදි කාන්තාවක්.

වතුපිටිවල රෝහලේදී පැවති ඉරේෂා ශ්‍යාමලීගේ මරණ පරීක්ෂණයේදී ලබාදෙමින් ඇයගේ වැඩිමහල් සොහොයුරා පැවසුවේ මෙවැන්නක්.

“මම පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ. මිය ගිය නංගිත් මගේ මගේ බිරිදත්, මමත් අනුරාධපුරේ ගියේ පසුගිය 02 වැනිදා උදෑසන.අපි එහේ ගිහිල්ලා ශ්‍රි මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ඥාණා මෑණියන්ගේ දේවාලයටත් ගිහින් අපල උපද්‍රව දුරුවෙන්න සෙත් පතලා පූජාවක් තිබ්බා. ගොඩක් රෑ බෝ වෙලා තමයි අනුරාධපුරයෙන් පිටත් වුණේ. අපි හිටියේ ඉස්සරහ සීට්වල.බස් එකේ වැඩිය සෙනඟ හිටියේ නෑ. ඒ නිසා නංගි පිටිපස්සේ සීට් එකේ ඉඳගත්තා.ඒ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තේ. බස් එක වරකාපොළ පහුකරලා ටික දුරයි ආවේ වෙඩි සද්දයක් වගේ ශබ්දයක් ඇසුණා. බස් එක නොනවත්වාම ධාවනය වුණා. ටික දුරක් යනවිට මම නංගී ගැන හොයලා බැලුවා. එයාගේ  ඔලුවෙන්  ලේ ගලමින් තිබුණා. සිහියක් පතක් තිබුණෙ නැහැ. අපි කෑගහලා බස් එක බස් එක නැවැත්තුවා නිට්ටඹුව පොලිසිය ලඟ. නිට්ටඹුව පොලිසිය මැදිහත් වෙලා නංගිව රෝහලට රැගෙන ගියා. පසුව ආරංචි වුණා නංගි මිය ගිහින් කියලා.”

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ 29 හැවිරිදි ඉරේෂා ශ්‍යාමලී සංචාරක ක්ෂේත්‍රය පිළිබද ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක ශ්‍රාස්තපති උපාධිදාරිනියක වන අතර ඇය කැනඩාවේ රැකියාවකට යාමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වුණේ.

මෙම සිද්ධියේ කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණේ වෙඩි වැදී රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පොලිස් අත්අඩංගුවට පත් එම කොල්ලකරුවන් දෙදෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටිය දී වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?