දංඕවිට දී වෙඩි උණ්ඩයකට බිළි වූ ඉරේෂාගේ වැඩිමල් සහෝදරයා හෙළිකළ කතාව

දංඕවිට ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසකට පොලිසිය එල්ල කළ වෙඩි පහරකට ලක්ව කතාවක් පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ඉරේෂා ශ්‍යාමලී නැමති 29 හැවිරිදි කාන්තාවක්.

වතුපිටිවල රෝහලේදී පැවති ඉරේෂා ශ්‍යාමලීගේ මරණ පරීක්ෂණයේදී ලබාදෙමින් ඇයගේ වැඩිමහල් සොහොයුරා පැවසුවේ මෙවැන්නක්.

“මම පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ. මිය ගිය නංගිත් මගේ මගේ බිරිදත්, මමත් අනුරාධපුරේ ගියේ පසුගිය 02 වැනිදා උදෑසන.අපි එහේ ගිහිල්ලා ශ්‍රි මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ඥාණා මෑණියන්ගේ දේවාලයටත් ගිහින් අපල උපද්‍රව දුරුවෙන්න සෙත් පතලා පූජාවක් තිබ්බා. ගොඩක් රෑ බෝ වෙලා තමයි අනුරාධපුරයෙන් පිටත් වුණේ. අපි හිටියේ ඉස්සරහ සීට්වල.බස් එකේ වැඩිය සෙනඟ හිටියේ නෑ. ඒ නිසා නංගි පිටිපස්සේ සීට් එකේ ඉඳගත්තා.ඒ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තේ. බස් එක වරකාපොළ පහුකරලා ටික දුරයි ආවේ වෙඩි සද්දයක් වගේ ශබ්දයක් ඇසුණා. බස් එක නොනවත්වාම ධාවනය වුණා. ටික දුරක් යනවිට මම නංගී ගැන හොයලා බැලුවා. එයාගේ  ඔලුවෙන්  ලේ ගලමින් තිබුණා. සිහියක් පතක් තිබුණෙ නැහැ. අපි කෑගහලා බස් එක බස් එක නැවැත්තුවා නිට්ටඹුව පොලිසිය ලඟ. නිට්ටඹුව පොලිසිය මැදිහත් වෙලා නංගිව රෝහලට රැගෙන ගියා. පසුව ආරංචි වුණා නංගි මිය ගිහින් කියලා.”

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ 29 හැවිරිදි ඉරේෂා ශ්‍යාමලී සංචාරක ක්ෂේත්‍රය පිළිබද ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක ශ්‍රාස්තපති උපාධිදාරිනියක වන අතර ඇය කැනඩාවේ රැකියාවකට යාමට සූදානමින් සිට ඇති බවයි අනාවරණය වුණේ.

මෙම සිද්ධියේ කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණේ වෙඩි වැදී රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පොලිස් අත්අඩංගුවට පත් එම කොල්ලකරුවන් දෙදෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටිය දී වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46