AFC Banner
Empty Ad
Empty Ad

තොටලග එල්ල කණ්ඩායමේ නායකයා ඝා’ත’න’යට හමුදා ලොක්කෙක් කොටුවෙයි

තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා අද (30) පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු  අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන ලෙසට පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොළම අපරාධ කොට්ඨාසය පවසා සිටියා.

සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයාගේ ප්‍රකාශ සටහන් කිරිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියෙක්. 

අදාළ ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන් 13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වැනිදා තොටලග අරුණ එල්ල කණ්ඩායමේ නායකයා වන අකිල සම්පත්ව හමුදා නිල ඇඳුමෙන් සැරසුණු පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට විසි කර දැමූ සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවලදී මෙම පිරිස පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් හමුදා කෝප්‍රල්වරයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මනූෂ්‍ය ඝාතනය සිදුව ඇති බවට පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36

?