තොටලග එල්ල කණ්ඩායමේ නායකයා ඝා’ත’න’යට හමුදා ලොක්කෙක් කොටුවෙයි

තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා අද (30) පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු  අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන ලෙසට පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොළම අපරාධ කොට්ඨාසය පවසා සිටියා.

සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයාගේ ප්‍රකාශ සටහන් කිරිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියෙක්. 

අදාළ ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන් 13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වැනිදා තොටලග අරුණ එල්ල කණ්ඩායමේ නායකයා වන අකිල සම්පත්ව හමුදා නිල ඇඳුමෙන් සැරසුණු පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට විසි කර දැමූ සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවලදී මෙම පිරිස පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් හමුදා කෝප්‍රල්වරයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මනූෂ්‍ය ඝාතනය සිදුව ඇති බවට පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36