තේ පැළ නිෂ්පාදනයේ වගකීම පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට

වසරකට තේ පැළ මිලියන 20ක් බැගින් නිෂ්පාදනය කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට පැවරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

මෙරට තේ කර්මාන්තය තුළ ඇති තේ වගාවන් සඳහා අලුතින් වගා කිරීම, පාළු සිටුවීම ඇතුළු අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන පැළ ප්‍රමාණය මිලියන 20ක්.

එහෙත් ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නොලැබීම තේ වගාවන්හි අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරන අතරම තේ වගාවේ නෙමටෝඩා හෙවත් වටපණු රෝගය ඉහළ යාමට ද බලපාන බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානය මගින් සිදු කිරීමට ඊයේ (28) තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ ගන්නොරුව සේවා අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත් වූ අතර ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

දැනට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන තේ පැළ ප්‍රමාණය මිලියන 20ක්. බොහෝ තේ වගා කරුවන් තේ පැළ තවාන් වලින් ලබා ගත්ත ද එම තවාන්වලින් ලබා ගන්නා තේ පැළවලින් ලැබෙන අස්වැන්න මෙන්ම වටපණු රෝගය බරපතල ලෙස පවතින බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ගුණාත්මකබවින් යුත් තේ පැළ ලබා නොදීම නිසා මේ වනවිට තවාන් 20ක බලපත් අහෝසි කර තිබෙනවා. එමෙන්ම රුපියල් මිලියන 490ක සහානාධාර ලබා දීම මගින් තවත් තේ පැළ කිරීමේ තවාන් 200ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එබැවින් ගුණාත්මක භාවයෙන් ඉහළ තේ පැළ නිපදවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස එම අධිකාරියේ නිලධාරින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

මෙම කරුණු සළකා බලමින් තේ පැළ මිලියන 20ක් වාර්ෂිකව නිෂ්පාදනය කිරීම සඳහා වන වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරීමට ඊයේ පියවර ගෙන තිබෙනවා.

ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසිනුයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සපයනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29