තේ දළු නෙලමින් සිටි කතකට කඳුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක්

තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකට කඳුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (05) පෙරවරු කාලයේ මෙම කාන්තාව තේ වත්තේ දළු නෙලමින් සිටි අවස්ථාවේ දී ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

බගවන්තලාව පොලිස් වසමට අයත් මෝරා වත්තේ දියි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි එම තේ වත්තේ දළු නෙලමින් සිටියදී සුනඛයෙකු දඩයම් කිරීම සඳහා පැමිණි කඳුකර කොටියෙකු සුනඛයා දඩයම් කරන අවස්ථාවේ දී අදාළ කාන්තාව සිටි දෙසට පැන තිබෙනවා.

ඒ සමග එහි වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ගේ කෑගැසීමත් සමග කඳුකර කොටියා 53 හැවිරිදි මෙම කාන්තාවට පහර දී රක්ෂිතයට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබීම හේතුවෙන් ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?